මේ මොහොත වන විට මැදපෙරදිග යුද්ධය වර්ධනය වී යේමනයේ වයඹදිග බල ප්‍රදේශය සහ සානා නගරය යටපත් කර ගෙන සිටින හූති කණ්ඩායම් මැදපෙරදිග යුද්ධයට සම්බන්ධ වී අලුතින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් මේ නිසා මෙය සෘජුවම ශ්‍රී ලංකාවට බරපතල ලෙස පැතිකඩ ගණනාවකින් බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
ඒ අනුව බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධිය හූති කණ්ඩායම් යුද පෙරමුණට පැමිණීම නිසා බලපෑම් රැසක් එල්ල වී අප රටට සෘජු බලපෑම් සිදුවන බවත් මේ සමුද්‍ර සන්ධිය යනු රතු මුහුද මධ්‍යධරනී මුහුද අරාබි මුහුද ඉන්දියානු මුහුද ආදී සියල්ලම එකට එකතු කරන තැනක් බවත් හූති සටන් කරුවන් යුද්ධයට එකතු වීම නිසා මේ සමුද්‍ර සන්ධිය හරහා ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුවන නිසා මේ හානිය සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නිසා තෙල් මිල ඉහළ යාම මුහුදෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල ප්‍රමාද සිදුවීමත් විය හැකි බවත් මේ නිසා ප්‍රවාහන ගාස්තු විදුලි ගාස්තු ඉහළ ගොස් දෛනික ජීවිතයේ වියදම් ඉහළ යා හැකි බවත් බාබ් අල් මන්දාප් සමුද්‍ර සන්ධිය මග හරවි යන්න නම් සුබ පැතුම් තුඩුව හරහා යා යුතු බවත් මේ නිසා ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ආදිය වැඩි වන බවත් යුද අවදානම් වාරික පවා වැඩි වී බරපතල බලපෑම් වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එමෙන්ම ආනයන වියදම් ද වැඩි වී අපනයන ලාභ ආන්තික පවා අඩු වී යා හැකි බවත් අපේ භාණ්ඩ මිල දී ගන්නා අය වෙනත් සැපයුම්කරුවන් සම්බන්ධ කර ගැනීම නිසා තරගකාරීත්වය නිසා අවදානම් ඇති විය හැකි බවත් සමස්ත විදේශ විනිමය අඩුවී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී පිරිවැය මතින් තල්ලුවන උද්ධමනය කරා රට යොමුවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අන්තර් නාවුක කරන ධාරිතාව අඩු වී මුහුදු මාර්ග වෙනස් වීම වරායේ ආදායම් අඩු වීම ඇතුළු ගැටලු මතුවන බවත් ඉහළ ආනයන මිල නිසා අපනයන ආදායම අඩුවීම නිසා සංචිත පහල ගොස් රුපියල අවප්‍රමාණය වීමද සිදුවිය හැකි බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල භාණ්ඩ මිල බෙහෙත් පොහොර ආදියේද හිඟයක් මතුව සෘණාත්මක බලපෑමක් එල්ල විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
යුරෝපය ආසියාව බද්ධ කරන වෙළෙඳ මාර්ගයක් වන මෙය තෙල් බැරල් මිලියන 6-9ත් LNG 8%ක් මේ හරහා යන බවත් වාර්ෂිකව මුුහුදු නැව් ගොඩක් පවා යන බවත් මේ නිසා තෙල් හිඟයක් ඇතිව තෙල් මිල ඉහළ යා හැකි බවත් 30% පමණ මූලික ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී සෑම ක්ෂේත්‍රයකටම බලපැ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නාවුක යාත්‍රා ප්‍රමාණාත්මකව අඩු වීම නිසා සැපයුම් ජාලවලට ද බලපෑම් විය හැකි බවත් යුරෝපා හවුලට අප රටෙන් යන ඇඟලුම් තේ ආදියේද පිරිවැය පවා වැඩිවිය හැකි බවත් අප රටේ අපනයන ආදායම් වැඩි වීමත් ආනයන වියදම් වැඩි වීමත් නිසා වැඩිපුර ඩොලර් අවශ්‍ය වන බවත් සමස්ත තත්ත්වය තුළ ඉන්ධන මිල වැඩි වීම නිසා බඩු මිල වැඩි වීම නිසා උද්ධමන පවා වැඩි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
සාම කලාපයක් වන ඉන්දීය සාගරය යුද කලාපයක් විය හැකි බවත් මේ නිසා විවිධ රටවල බලපෑම් එල්ල විය හැකි බවත් කොළඹ වරායේ පර්යන්ත පවා විවිධ රටවල් ඉල්ලා තිබිම බරපතල ගැටලුවක් බවත් ඒ නිසා නොබැදි පිළිවෙත මත පදනම්ව ධනාත්මක සම්බන්ධතා ඇති කර ගත යුතු බවත් ඉන්දීය සාගරය යුද කලාපයක් වුවහොත් අප රටේ සෛරීත්වයට බලපෑම් එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ හූති ප්‍රහාර හරහා අප රටට වැඩි පිරිවැයක් ඉදිරියේ දී දැරීමට සිදුවන නිසා රජය මේ ගැන කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා වන බලපෑමට රජයට විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයට මේවාට උත්තර තිබිය යුතු බවත් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Lanka Newsweek © 2026